විලියම් කුමරු ඔබාමා හමුවීමට සූදානම්


බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආධිපාද විලියම් කුමරු එළැඹෙන සඳුදා ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හමුවීමට සූදානමින් සිටින බව විදෙස් පුවත් සේවා පවසයි.

විලියම් කුමරු හා කේට් කුමරිය ඇමෙරිකාවේ නැගෙනහිර ආශ්‍රිතව සිදුකරන දින තුනක නිල සංචාරයේ කොටසක් ලෙස මෙසේ ඔබාමා ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා පවත්වන බව කියැවෙයි.

එමෙන්ම, මෙම සංචාරය විලියම් කුමරුගේ ප්‍රථම වොෂින්ටන් සංචාරය බවද කියැවෙයි.

නීතිවිරෝධී වන සත්ව ජාවාරම සම්බන්ධයෙන් විලියම් කුමරු ලෝක බැංකු පරිශ්‍රයේදී විශේෂ දේශනයක් පැවැත්වීමටද සූදානමින් සිටින බව කියැවෙයි.

ලෝකයේ සිදුවන දැවැන්ත පරිසර හානිය සම්බන්ධයෙන් විලියම් කුමරුගේ නැගී සිටීම ඔබාමා ජනාධිපතිවරයාගේද පැසසුමට ලක්ව ඇති බව කියැවෙයි.



Recommended Articles