වියදම් කප්පාදුවට එරෙහිව ප්‍රංශ ආරක්ෂක ප්‍රධානී ඉවතට


ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්රෝන් විසින් එරට ආරක්ෂක වියදම කප්පාදු කිරීමට විරෝධය පාමින් එරට ඒකාබද්ධ හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වී තිබේ.

ජෙනරාල් පියරේ විලියර්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි ආරක්ෂක වියදම් කප්පාදුවක් තුළ ප්‍රංශයේ ආරක්ෂාව පිළිබඳව තමාට සහතිකයක් ලබාදීමට නොහැකි බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

එරට අයවැය පරතරය අවම කිරීමේ පියවරක් ලෙස පසුගිය සතියේදී ප්‍රංශයේ නව රයව විසින් ප්‍රධාන ක්ෂේත්‍ර රැසක අයවැය කප්පාදුවක් කර තිබුණි.

එහිදී, ආරක්ෂක වියදම් කප්පාදුව සම්බන්ධයෙන් ජෙනරාල්වරයා දැඩි අප්‍රසාදයක් පළ කර ඇති අතර, ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා තමන් සමග පැටලැවිල්ලක් ඇතිකර ගත යුතු නොවන බවයි.



Recommended Articles