වියට්නාමයේ හාටින්හ් පළාතේ ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටීම හේතුවෙන් එහි සේවකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම පළාතේ, වන්ග් ඇන්ග් ආර්ථික කලාපය තුළ ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක පලංචියක් මෙසේ කඩා වැටී ඇති අතර, තුවාල කරුවන් මේ වනවිටත් රෝහල්ගත කර ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත්, සහන කණ්ඩායම් එම පලංචිවලට යටවී සිටි සේවකයන් සොයා විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබුණි.
අනතුරින් මියගිය හා තුවාල ලැබූ සියලු දෙනා වියට්නාම ජාතිකයන් බව පැවසෙන අතර, ඔවුන් කාර්මාන්තශාලා පරිශ්‍රයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.