වින්ඩෝස් 10 අලුත් යුගයක ඇරඹුමක් - නඩෙල්ලා


පුද්ගල පරිගණක ක්ෂේත්‍රයේ වින්ඩෝස් 10 නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය අලුත් යුගයක් බිහිකරනු ඇති බව මයික්‍රොසොෆ්ට් ප්‍රධානී සත්‍යා නඩෙල්ලා පවසයි.

අද දිනයේ (29දා) ලොව පුරා එළිදැක්වුණු නව මෘදුකාංගය මගින් සමාගමේ මොබයිල් කර්මාන්තයේ විප්ලවයක් ඇති කිරීමද මයික්‍රොසොෆ්ට් බලාපොරොත්තුවයි.

එහිදී, මෙම මෙහෙයුම් පද්ධතිය බොහෝ පරිශීලිකයන් වෙනුවෙන් නොමිලේ යාවත්කාලීන කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවද පැවසෙයි.

නඩෙල්ලා පවසා තිබුණේ නව මෙහෙයුම් පද්ධතිය සමාගමක් ලෙස පසුකළ දැවැන්ත සැතපුම් කණුවක් බවයි. එමෙන්ම එය මෘදුකාංග කර්මාන්තයේද ජයග්‍රහණයක් බව ඔහු පවසයි.



Recommended Articles