විදේශීය ධනවතුන්ට ඉන්දියාවේ දොර ඇරේ


ඉන්දියාවේ පදිංචි වීමට කැමති විදේශීය ධනවතුන් වෙනුවෙන් සිය රටේ දොරටු විවෘත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දියාව වෙත වැඩි වශයෙන් විදේශීය ආයෝජන අද්දවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, යමෙකු ඇ.ඩො.මිලියන 1.5ක් මාස 18ක කාලයක් පුරා හෝ ඇ.ඩො.මිලියන 3.75ක්  වසර තුනක් පුරා ඉන්දියාව තුළ ආයෝජනය කළ යුතුය. එමෙන්ම, ඔවුන් සෑම මූල්‍ය වර්ෂයකදීම ඉන්දියානුවන් 20 දෙනෙකු වෙනුවෙන් රැකියා උත්පාදනයටද දායක විය යුතුය.

මේ සඳහා ප්‍රතිලාභ වශයෙන් එම විදේශිකයාට වසර 10ක් ඉන්දියාව තුළ පදිංචිව සිටීමට වීසා නිකුත් කෙරෙන අතර, ඔහුට හෝ ඇයට සිය භාර්යාව, ස්වාමියා හා දරුවන්ද ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙයි. එමෙන්ම, ඔවුන්ට ඉන්දියාවෙන් නිවසක් මිලදී ගැනීමටද අවස්ථාව හිමිවෙයි.

දැනට ඉන්දියාව තුළ පදිංචිව සිටින විදේශිකයන් සෑම වසරකම යළි ලියාපදිංචි කිරීමක් සිදුවන අතර, එය අතිශය පීඩාකාරී ලිපිගොනු පිරවීමක් මෙන්ම, සෑම විටම අනුග්‍රාහකයෙකු සොයා ගැනීමක්ද සිදුකළ යුතුය.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන චීන හෝ පාකිස්තාන ජාතිකයන්ට හිමි නොවන බවද වාර්තා වෙයි.



Recommended Articles