විදුලි අර්බුදයට විසඳුම ලෙස සිම්බාබ්වේ විදුලි හීටර් තහනම්


සිම්බාබ්වේ මුහුණදී සිටින උග්‍ර විදුලි අර්බුදය හේතුවෙන් එරට තුළ භාවිත කෙරෙන සියලු වතුර හීටර් භාවිතයෙන් ඉවත් කිරීමේ නීතියක් පණවා තිබේ.

එරට බලශක්ති බලධාරීන් පවසන්නේ, දැනට අලුතින් විදුලි හීටර් හෝ ගීසර් නිෂ්පාදනය හෝ ගෙන්වීම තහනම් කරන අතර, දැනට එරට තුළ භාවිත වන නිෂ්පාදනයන්ද ඉදිරි වසර පහක කාලය තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි.

ඒ වෙනුවට, හිරු එළියෙන් ක්‍රියාත්මක නව උපකරණ හඳුන්වාදීමට එරට රජය කටයුතු කරමින් සිටියි.

මේ තුළින් මෙගාවොට් 400ක බලශක්තිය ඉතිරි කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.



Recommended Articles