ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියාන් අසාන්ජ් වෙත ලබාදී ඇති අමතර ආරක්ෂාව ඉවත් කිරීමට ඉක්වදෝරය තීරණය කර තිබේ.
ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් දැනටමත් ඇ.ඩො.මිලියන 5ක මුදලක් (රු.මිලියන 780ක් පමණ) වැය වී ඇති බවට වූ හෙළිදරව්වත් සමග මෙම අමතර ආරක්ෂාව ඉවත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අසන්ජ් වෙත පැමිනෙන අමුත්තන් නිරීක්ෂණයට, තානාපති කාර්යාලයේ නිලධාරීන්ට මෙන්ම බ්‍රිතාන්‍ය පොලීසිය වෙනුවෙන් මෙම මුදල් වැයවී ඇති බව බ්‍රිතාන්‍ය සහ ඉක්වදෝර මාධ්‍ය අනාවරණය කර ඇත.
2012 වසරේ සිට ඔහු තනාපති කාර්යාලය තුළ රැඳී සිටින්නේ එහි ආරක්ෂාව සැපයීමට අවස්ථාව හිමිවීමත් සමගිනි.
ඔහුට විරුද්ධව ඇති ලිංගික අපචාර චෝදනා හේතුවෙන් ස්වීඩනය වෙත ඔහු භාරදීම වැළැක්වීමේ අරමුණින් ඔහු මේ ආකාරයෙන් තානාපති කාර්යාලය තුළ රැඳී සිටියි. කෙසේ වෙතත්, මෙම චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඒ අනුව, ස්වීඩන් බලධාරීන් ඔහුට එරෙහිව වූ චෝදනා ඉවත දැමුවත්, බ්‍රිතාන්‍ය බලධාරීන් තවමත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථාවක් සොයමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
නඩු විභාගය සඳහා තමාව ස්වීඩනයට භාරදීමක් කළහොත් විකිලීක්ස් හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තමාව ඇමෙරිකාව වෙත පිටුවහල් කරනු ඇති බව 46 හැවිරිදි අසාන්ජ් විශ්වාස කරයි.