ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව පැවති ස්ත්‍රී දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාගය ඉවත දැමූ බව ස්වීඩන් නීතිවේදීහු පවසති.
ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් අසන්ජ් අත්ඩංගුවට ගන්නා ලෙස ස්වීඩන් බලධාරීන් විසින් නියෝග කර වසර 07කට පසුව එම නඩු විභාගය අත්හැර දැමීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ස්වීඩනය තමා අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඇමෙරිකාවට භාරදෙනු ඇතැයි පවසමින්, අසන්ජ් එම අධිකරණ ක්‍රියාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් 2012 වසරේ සිට ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් සිටියේය.
එමෙන්ම, මේ සියලු චෝදනා දේශපාලන අරමුණු ඉලක්ක කරමින් ගොතන ලද ඒවා බව පැවසූ අසන්ජ් එකී ස්ත්‍රී දූෂණ චෝදනාවද බැහැර කළේය.
යුද හා රාජතාන්ත්‍රික රහස්‍ය තොරතුරු රැසක් ඇතුළත් ලිපි ලේඛන දහස් ගණනින් විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීමට ඇමෙරිකාව සූදානමින් සිටින්නේ අද ඊයේ සිට නොවන අතර, ඔහුගේ මෙම හෙළි කිරීම් ලෝක න්‍යාය පත්‍රයේ වෙනස්වීම්වලටද හේතු විය.