ජපාන රජයට තවදුරටත් බරක් නොවී ජපානයේ තරුණ කාන්තාවන් දරුවන් වැඩිපුර හැදිය යුතු බවට එරට පාලක පක්ෂ දේශපාලඥයෙකු පැවසූ කතාවට විවේචන එල්ල වෙමින් තිබේ.
එල්.ඩී.පී. පක්ෂයේ රැස්වීමක් අමතමින් කන්ජි කාටෝ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජපාන තරුණ කාන්තාවන් දරුවන් තිදෙනෙකුවත් අවම වශයෙන් රටට දායද කළ යුතු බවයි.
ජපානයේ වසර සියයක ළදරු උපත් අනුපාතය සලකා බැලීමේදී මෙම වසරේදී එය පහළම අගයක් ගනිමින් වාර්තාවක්ද තබා තිබේ.
එහිදී, පවුලකට දරුවන් වැඩි පිරිසක් එකතු කරගැනීම සඳහා ලබාදෙන මූල්‍ය දීමනා සහ විශේෂ දීමනා පවා නොසලකා හරින තත්ත්වයක් ජපානයේ දැකිය හැකි බව කියැවෙයි.
ජපානය මුහුණදී ඇති මෙම දැඩි අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇති බව කියවුණත්, එය කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ උදහසට ලක්ව ඇති බව ජපානයෙන් වාර්තා වෙයි.