ව්‍යාඝ්‍ර ලෙනට පැන්න බීමත් තරුණයා අවසන් ගමනේ


දිල්ල සත්වෝද්‍යානයේදී සුදු ව්‍යාඝ්‍රයෙකු පහර දීම නිසා 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය වී ඇති බව වාර්තා වෙයි.

බීමත්ව සිට ඇති මෙම තරුණයා ව්‍යාඝ්‍රයාගේ ලෙනට පැනීමෙන් මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව තිබේ.

ව්‍යාඝ්‍ර ලෙනට පැනීමෙන් අනතුරුව, ව්‍යාඝ්‍රයාගෙන් බේරීමට ඔහු කොතෙකුත් උත්සාහ කර ඇතත් දැවැන්ත සත්වයා මෙම තරුණයාගේ බෙල්ලෙන්ම අල්ලාගෙන ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

සත්වෝද්‍යාන බලධාරීන් එපා කිය්දීම මොහු ව්‍යාඝ්‍ර ලෙනට පැන ඇති බවත්, බීමත්ව සිටි ඔහු නැවැත්වීමට නොහැකි වී ඇති බවත් වාර්තා වෙයි.

එම ස්ථානයේ සිටි අය ව්‍යාඝ්‍රයා දෙසට ගල් මුල්වලින් පහර දෙමින් තරුණයා බේරාගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී ඇති බවද කියැවෙයි.



Recommended Articles