වසර 3,000කට පෙර මියගිය ළමයින් සිව් දෙනෙකුට අයත් ඇටසැකිලි සොයාගැනීමට ඊජිප්තුවේ, අස්වාන් නගරය ආසන්නයේ සිදුකළ කැණීමකදී පුරාවිද්‍යාඥයන්ට හැකිව තිබේ.
මෙම මිහිදන් කළ ඇට සැකිලි ඊජිප්තුවේ 18 වැනි රාජවංශය දක්වා දිවෙන අතර, ඒවා සොයා ගන්නා විට හණ රෙදි යොදා එම ඇට සැකිලි ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමටද කටයුතු කර තිබූ බව පුරාවිද්‍යාඥයෝ පවසති.
ස්වීඩන සහ ඊජිප්තු ඒකාබද්ධ පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදුකර තිබූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම ළමා ඇටසැකිලිවලට අමතරව, ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සොහොන් බිමක කොටසක් සොයා ගනු ලැබ ඇති අතර ස්විට්සර්ලන්ත කණ්ඩායමක් විසින් කාන්තා ප්‍රතිමාවක් සොයාගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි..