රොසෙට්ටා අභාවකාශ යානයට සම්බන්ධ කරමින් අභ්‍යවකාශ ගත කළ තොරතුරු රැස් කිරීමේ රොබෝ යන්ත්‍රය සාර්ථක ලෙස යානයෙන් වෙන්වී නියමිත වල්ගා තරුව මත පතිත වුවද, එය සාර්ථකව පතිත වීමක්ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත නොමැති බව වාර්තා වෙයි.
අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥයන් පෙන්වාදෙන පරිදි අදාළ රොබෝ යන්ත්‍රය 67P/Churyumov-Gerasimenko වල්ගාතරුවේ පෘෂ්ඨය මත බාධාවකින් තොවර සම්බන්ධ වූයේද නැද්ද යන්න ගැන ඔවුන් තවමත් තොරතුරු නිරීක්ෂණය කරමින් සිටියි.
පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 500ක් දුරින් පිහිටා ඇති මෙම වල්ගාතරුව මත ෆලී නමැති රොබෝ යන්ත්‍රය ගොඩබැස්වීම මිනිස් ඉතිහාසයේ සාර්ථක පියවරක් බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ෆිලී රොබෝ උපකරණය සාර්ථක ලෙස මවු යානයෙන් වෙන් වී ගොස් පැය හතක පමණ කාලයක් තුළ ඉතිරි කිලෝමීටර ප්‍රමාණය තනිව ගමන් කොට වල්ගා තරුව මත ගොඩ බැස්වීම සිදුකර ඇති බව කියැවෙයි.
වල්ගා තරුව මතුපිට ඇති වසර බිලියන 4කට වඩා වැඩි වයසකින් යුත් අයිස් සහ දූවිලි නිරීක්ෂණය කිරීම මගින් විශ්වයේ සංයුතිය පිළිබඳව හැදෑරීම මෙම අභ්‍යාවකාශ පර්යේෂණයේ අරමුණ වී තිබේ.
කෙසේ වෙතත්, තවත් පැය කිහිපයක් ඇතුළත එම ගොඩබැස්මේ සාර්ථක අසාර්ථක බව පිළිබඳ නිවැරදි පිළිතුරක් ලබාදිය හැකි බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.