ඔස්ට්‍රේලියාවේ, උතුරුදිග ක්වින්ස්ලනඩ් ප්‍රාන්තයේ වනාන්තරයක අතරමංව සිටි 34 හැවිරිදි කාන්තාවක් දින 17කට පසුව සොයාගැනීමට හැකිවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කැනන් ලීහ් නමැති මෙම කාන්තාව ‘ගෝල්ඩන් හෝල්’ නමින් ප්‍රසිද්ධ ස්වාභාවික පිහිනුම් තටාකයට තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග දිය නෑමට ගොස් සිටියදී මෙසේ වනාන්තරය තුළ අතරමංව ඇති බව කියැවෙයි.
තිදරු මවක් වන ඇය පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මෙසේ අතුරුදන් වීමෙන් පසු ඇය සමග වනාන්තරයට ගොස් සිටි ඇගේ පෙම්වතා යැයි කියන පුද්ගලයෙකු විසින් මේ බව පොලීසියට දන්වා ඇත.
පොලිස් නිලධාරීන් සහ හදිසි සහන සේවා නිලධාරීන් 25කගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පසුව ඇය සෙවීමේ මෙහෙයුම් වල නිරත වී ඇති අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා සහ පාපැදි පවා යොදාගෙන ඇති බව කියැවෙයි.
එසේ, ආහාරපානවලින් තොරව 17ක් වනාන්තරැයේ අතරමංව සිටි ඇය සෝදිසි කණ්ඩායම විසින් යොදන ලද මං සලකුණු ඔස්සේ ඉන් පිටතට පැමිණ ඇති බව කියැවෙයි.