ප්‍රබල සුළි කුණාටුවකින් බැට කෑ වනවාටු රාජ්‍යයේ ඇතැම් දූපත් වෙත හදිසි ආධාර ලබාදීම මේ වනවිට ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ආහාර, වතුර සහ බෙහෙත් ද්‍රව්‍ය ටන්නා දූපත් වෙත ළඟා වී ඇති අතර, සුළි කුණාටුව ප්‍රබලව බලපෑ ගමන් මාර්ගයේ මෙම දූපත පිහිටා තිබූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, හදිසි ආධාර ලබාදෙන ආයතන පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය සඳහා තවත් ආධාර තොග රැසක් අවශ්‍ය බවයි.
ගුවන් නිරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ තමන්ට උදව් අවශ්‍ය බව ඉල්ලා ඇතැම් ගම්මානවල වැසියන් H අක්ෂරය භූමියේ සටහන් කර ඇති ආකාරය දක්නට ලැබුණු බවයි.