ලෝරියාල් සුවඳවිලවුන් වර්ග සහ රූපලාවන්‍ය නිෂ්පාදන නිපදවන සමාගමේ හිමිකාරිනිය වූ ලිලියාන් බෙටාන්කූවර් සිය දිවියෙන් සමුගත් බව ඇගේ ඥාතින් දැනුම් දෙනු ලැබීය.
මෙම ආදර්ශමත් කාන්තාව මියයන විට වයස අවුරුදු 94 ආයු වළඳා සිටි බව ඇගේ ඥාතීහු පවසති.
2017 වසරේදී ඇගේ ඇස්තමේන්තුගත සමස්ත වත්කම් ප්‍රමාණය ඇ.ඩො.බිලියන 40ක් ලෙස ගණනය කර තිබූ අතර, මේ තත්ත්වය තුළ ඇය ලොව ධනවත්ම කාන්තාව බවට නිතරඟයෙන් පත්කර තිබුණි.
කෙසේ වෙතත්, වර්ෂ 2012 සිට ලෝරියාල් ඉවත් වූ ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීම ඉතා කලාතුරකින් සිදු වුවත්, ඇය ඉපයූ මහා ධනස්කන්දය තව තවත් වර්ධනය වීමක් හැරෙන්නට කිසිවක් නොවීය.
කෙසේ වෙතත්, ඇම නියෝජනය කළ ලෝරියාල් සමාගම වර්තානයේදී ලොව ප්‍රමුඛතම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම බවටද පත්ව ඇත්තේ ලෝරියාල් සමාගමයි.