සිරියාවේ පවතින යුදමය වාතාවරණය තුළ මේ වනවිට ලක්ෂ 30කට ආසන්න පිරිසක් සිරියාව අත්හැර ගොස් සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති බවත්, මේ වනවිට එරට සරණාගත ප්‍රශ්නය දැඩි අර්බුදකාරී වාතාවරණයක පවත්න බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය පවසයි.
එම ඒජන්සිය පෙන්වා දෙන පරිදි වර්තමානයේදී ලෝකය මුහුණදෙන විශාලතම මානුෂීය ව්‍යසනය සිරියාවේ සිදුවෙමින් පවතී.
ඒ අනුව, සමස්ත සිරියානු ජනතාවගෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසකට තම නිවෙස් අත්හැර පළායෑමට සිදුව තිබේ.
එහෙත් එම අනාථයන්ගේ සහ ඔවුන්ට රැකවරණ සපයන රටවල අවශ්‍යතා සපුරාදීමට ලෝකය අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන එම ඒජන්සිය, ගැටුම්වලින් පලා ගිය ජනතාව දැඩි බියෙන් සහ අධික තෙහෙට්ටුවෙන් පෙලෙන බවද අවධාරණය කරයි.
එමෙන්ම, මේ වනවිට සිරියාව තුළ තවත් ලක්ෂ 65ක ජනතාවක් අනාථ වී සිටින බවත්, වසර තුනක සිවිල් යුද්ධය නිසා සිරියානුවන් 190,000කට සිය ජීවිත අහිමි වී ඇති බවත් පෙන්වා දෙයි.
ඔවුන්ට සහන සහ රැකවරණ සැලසීම වෙනුවෙන් සිදුකරන මෙහෙයුම, සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ වසර 64ක ඉතිහාසය තුළ දියත් කෙරුණු විශාලතම මෙහෙයුම ලෙසද සැලකෙයි.