දශකයකට ආසන්න කාලයකින් පසුව ලෙබනනයේ පැවැත්වෙන ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි.
ලෙබනනයේ අවසන් වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා තිබුණේ වර්ෂ 2009 දීය.
සාමාන්‍යයෙන් ලෙබනනයේ පාර්ලිමේන්තු කාල සීමාව වසර හතරකට පමණක් දීර්ඝ වුවත්, අසල්වැසි සිරියාවේ පැවති අස්ථිර ස්වභාවය හේතුවෙන් එරට පාර්ලිමේන්තුව විසින් එම කාලසීමාව දෙවරක් දීර්ඝ කරනු ලැබුවේ රටේ මැතිවරණ නීතියටද සංශෝධන ගෙනඑමිනි.
කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ මෙවර පැවැත්වෙන මැතිවරණයේදී කලින් පැවති මැතිවරණ දිස්ත්‍රික්ක ප්‍රමාණය අඩුකර ඇති අතර, ප්‍රථම වරට වෙනත් රටක සිටින ලෙබනන් ජාතිකයෙකුට වුවද මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසී ඇත.
මෙවර මැතිවරණයේදී හිස්බුල්ලා සංවිධානය නැමති සටන් කණ්ඩායමද මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, ඔවුන් සිය බලය වැඩිකර ගැනීමට උත්සාහ දරමින් සිටියි.
හිස්බුල්ලා කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සලකනු ලබයි.