ලෙබනනයේ සිටින සිරියානු සරණාගතයින් මිලියනය පනී


ලෙබනනයේ සිටින සිරියානු සරණාගතයින් ප්‍රමාණය මිලියනය ඉක්මවා ඇති බවත්, එය ඉසිලිය නොහැකි තරම් අතිශය විශාල පිරිසක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ප්‍රධානී අන්තෝනියෝ ගුටේරස් පෙන්වාදෙන පරිදි ලොවපුරා සරණාගතයින්ගේ ඉහළම ඒකපුද්ගල සංකේන්ද්‍රණය පවතින්නේ ලෙබනනයේය.

"ලෙබනනය කියන්නෙ කුඩා රාජ්‍යයක්. ඒ වගේම අභ්‍යන්තර අර්බුද පවතින රටක්. මේ තත්ත්වය තුළ සරණාගත ප්‍රශ්නයත් පැමිණීමෙන් ඔවුන් කබලෙන් ලිපට වැටී තිබෙනවා" යැයි හෙතෙම පවසයි.

2011 වසරේ සිට සිරියානු ගැටුම් ආරම්භ වීමත් සමග මිලියන 9.5ක පමණ සිරියානු ජනතාවකට උන්හිටිතැන් අහිමි වී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති පිරිස 150,000 ඉක්මවා ඇති බව ක්‍රියාකාරීන් පවසයි.



Recommended Articles