ලුහාන්ස්ක් ගුවන් තොටුපළ යුක්රේන හමුදා අත්හරී


නැගෙනහිර යුක්රේනයේ, ලුහාන්ස්ක් නගරයේ ගුවන් තොටුපොළේ රාත්‍රිය පුරා රුසියානු හිතවාදී කැරලිකරුවන් සමග සටන් වැදුණු යුක්රේන හමුදාව ඉන් ඉවත්ව ඇති බව පැවසෙයි.

යුක්රේන ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ රුසියානු යුද ටැංකි ප්‍රහාරයක් හේතුවෙන් තවදුරටත් ගුවන් තොටුපොළ ආරක්ෂා කරගැනීමට නොහැකි වූ බවයි.

මේ අතර, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සටන් විරාමයක් ඇතිකිරීම වෙනුවෙන් හදිසි හමුවක් කැඳවා සිටින අතර, එය බෙලරූස් අගනගරය වන මිනිස්ක් හි සිදුකිරීමට කැමැත්ත පළ කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට හටගත් ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 2,600ක් පමණ නැගෙනහිර යුක්රේනය ආශ්‍රිතව මරණයට පත්ව තිබේ.



Recommended Articles