බුදුරජාණන් වහන්සේ උපන් ලුම්බිණි ප්‍රදේශය බරපතල වායු දූෂණ තත්ත්වයකට මුහුණදී ඇති බව විද්‍යාඥයෝ පවසති.
නේපාලය පුරා පවතින වායු දූෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් රැස්කළ තොරතුරු අනුව ලුම්බිණිය ඉහළ වායු දූෂණයක් පවතින ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ.
ලුම්බිණි පුදබිම ආසන්නයේ ක්‍රියාත්මක කර්මාන්ත ව්‍යාපෘති සමග මෙම අනතුරු ඇඟවීම සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, පසුගිය ජනවාරි මාසයේ දී කරන ලද ගණනය කිරීම්වලට අනුව, නේපාලයේ නිරිතදිග පිහිටි ලුම්බිණියේ සිහින් වායු දූෂක (PM2.5) තත්ත්වය දැක්වුණේ ඝන මීටරයට මයික්‍රෝ ග්‍රෑම් 173.025 ක් ලෙසනි.
ඊට ආසන්න නගරය වන චිට්වාන් හි 113.32 ක් වූ අතර ඉහළ වායු දූෂණයක් ඇති කත්මණ්ඩු අගනුවර අගය වූයේ 109.82 කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට අනුව වායු දූෂණයට අදාළ ආරක්ෂිත සීමාව මයික්‍රෝ ග්‍රෑම් 25 ක් වන අතර නේපාල රජය ප්‍රකාශයට පත් කර ඇති ජාතික මට්ටම මයික්‍රෝ ග්‍රෑම් 40 කි.
ඩ්‍රෝන් යොදාගනිමින් මෙම දූෂණයේ මුලාශ්‍ර හඳුනාගැනීමට සැලසුම් කර ඇති අතර, මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙයි.