ලිබියාවේ බ්‍රාක් අල්-ෂාටි ගුවන් හමුදා කඳවුර වෙත පසුගිය බ්‍රහස්පතින්දා එල්ල වූ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ද ඇතුළුව පුද්ගලයන් 140කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව වාර්තා වේ.
රජයේ සහාය ලබන හමුදා කණ්ඩායම් විසින් මෙම කඳවුරේ බලය අත්පත් කරගැනීමට මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, මුලින් විශ්වාස කෙරුණේ මෙහි මියගිය පිරිස 60ක් බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේද සහාය ලබන රජයේ ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම, මෙම ප්‍රහාරය එල්ල කළ හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරියාගේද සේවය මෙම ප්‍රහාරයෙන් පසුව තාවකාලිකව අත්හිටුවා ඇති බව කියයි.
මේ අතර, ලිබියානු අගමැති කාර්යාලය පවසන්නේ මෙම ප්‍රහාරය සඳහා එම කාර්යාලයේ අනුමැතිය ලැබී නොතිබූ බවයි. එමෙන්ම, ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවද එම කාර්යාලය පවසයි.