ලිපිකාර ඇබෑර්තු 368 යි අයදුම්පත් මිලියන 2යි


අවම වැටුපක් ලැබෙන රජයේ ලිපිකාර වෘත්තියක් සඳහා වූ ඇබෑර්තු 368ක් වෙනුවෙන් අයදුම් පත් මිලියන 2.3ක් ලැබීමෙන් ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

ප්‍රාථමික අධ්‍යාපනය ලබා තිබීම හා පාපැදියක් පැදීමේ හැකියාව මෙම රැකියාව බලාපොරොත්තු වී තිබෙන සුදුසුකම් බව කියයි.

නමුත්, දස දහස් ගණන් උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන් මෙන්ම ආචාර්ය උපාධි ලැබූවන් පවා ඊට අයදුම් කර තිබූ බව බලධාරීහු පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම සියලු අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂන සිදුකිරීමට වසර හතරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඉන්දියාව තුළ රැකියා ව්‍යුක්තිය පිළිබඳ වඩාත් පුළුල් සංවාදයක් මේ තුළින් මතුවන බව මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles