උතුරුදිග ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දිගින් දිගටම සිදුවන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ප්‍රාන්තයේ පාසල් දැරියන් 13 දෙනෙකු ඇරඹූ මාරාන්තික උපවාසය සාර්ථක වී තිබේ
අවුරුදු 16 - 18ත් අතර වයසේ දැරියන් මේ ආකාරයෙන් ආහාර නොගෙන උපවාසය ඇරඹූ අතර, ඔවුන්ගේ ඉල්ලීම වූයේ තමන් අසල්වැසි ගම්මානයේ පාසලට යනවිට සිදුවන ලිංගික අඩම්තේට්ටම්වලින් ආරක්ෂා කරගන්නා ලෙසයි.
රෙවාරි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පාලනය තම ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බව මෙම දැරියන් සිය උපවාසය අතරතුර චෝදනා කළහ.
කෙසේ වෙතත්, මෙම දැරියන්ගේ උපවාසයට ප්‍රතිචාර ලෙස ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරන බව පොලීසිය පවසා තිබේ.
එමෙන්ම, ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙමින් ඔවුන්ට තම ගමේ පාසලෙන්ම අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය ලෙස ගමේ පාසලේ දැනට ඇති ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයීක අධ්‍යාපනය දක්වා ඉහළ නංවන බවට පොරොන්දු දී තිබේ.