ලිංගික විපර්යාසයන්ට ලක්වූවන් හමුදා සේවයේ යෙදවීම නතර කළ යුතු බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන පෙන්ටගනය මෙතෙක් නිසි මගපෙන්වීමක් සිදුකර නොමැති නිසා ඔවුන්ට තවම හමුදා සේවය තහනම් නොවන බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
ලිංගික විපර්යාසයන්ට ලක්වූ පුද්ගලයන් අමෙරිකා හමුදාවට බඳවා ගැනීම නතර කිරීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කිරීමත් සමග එරට හමුදා සේව තුළ එවැනි පුද්ගලයන්ට කිසිදු ආකාරයක අවස්ථාවක් නොමැති බව මුලින් කියවුණි.
එවකට ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පාලන සමයේදී මෙම ප්‍රතිපත්තියේ යම් ලිහිල් කිරීමක් පැවති අතර, එවැනි ලිංගික විපර්යාසයන්ට පත්වූවන්ටද හමුදා සේවයේ අවස්ථාවක් වීය.
හිටපු අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ඔහුගේ පාලන සමයේ දී මෙම ප්‍රතිපත්තිය ලිහිල්කර තිබුණි. ඒ අනුව ලිංගික විපර්යාසවලට ලක්වූ අයට හමුදාවේ සේවය කළ හැකි බව එවකට ප්‍රකාශ කෙරුණි.
කෙසේ වෙතත්, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ නියෝගය සමග වර්තමානයේ යම් ආකාරයකින් එවැනි ලිංගික විපර්යාසයකට ලක්වූවෙකු දැනටමත් හමුදා සේවයේ යෙදෙනවා නම්, ඔවුන් සේවයෙන් නෙරපා දැමීමක් සිදුකරන්නේද නැද්ද යන්න ගැන පැහැදිලිතාවක් නොවීය.
එමෙන්ම, ජෙනරාල් ජෝසෆ් ඩන්ෆේාඩ් පවසා තිබුණේ සියලුම හමුදා සාමාජිකයන්ගේ ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් දැනට කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටින බවයි.
එමෙන්ම, පෙන්ටගනය මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන තුරු මෙවැනි තහනමක් බල නොපැවැත්වෙන බවද ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසා තිබුණි.