ලිංගික චෝදනාවක් හේතුවෙන් ඇමෙරිකානු දේශපාලඥයෙකුට පුටුව අහිමි වෙයි


ලිංගික හිංසන චෝදනාවක් හේතුවෙන් ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ස්ටීව් වයින් කටයුතු කර තිබේ.  

ඇමෙරිකානු කැසිනෝ ව්‍යාපාරයේද ප්‍රබල චරිතයක් වන ස්ටීව් වයින් පිළිබඳ වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් සිදුකළ හෙළිදරව්වක් මෙසේ ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

එම පුවත්පත හෙළි කරන ආකාරයට 76 වැනි වියෙහි පසුවන මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සම්බාහන යුවතියකට යැවූ කෙටි පණිවුඩ මෙන්ම, සිය කාර්ය මණ්ඩල සේවිකාවකට තමන් සමග එක්වන ලෙස බල කිරීම යන චෝදනා අනාවරණය වී තිබේ.

මේ අතර, රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ සභාපති ධුරය දරන රෝනා මැක්ඩැනියෙල් ඇමෙරිකානු මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන්, ඔහුගේ ඉල්ලා අස්වීම භාරගත් බවයි.

1_us mogal



Recommended Articles