ලෑල් පෙට්ටියක වසර 4ක් දරුවන් සිරකළ යුවළක් දැලේ


තම ළාබාල දරුවන් තිදෙනා කාන්තාරයක පෙට්ටි කාමරයක අනාරක්ෂිතව රඳවා තිබූ තරම්ක වයෝවෘද්ධ දෙමවුපිය යුවළක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පදිංචිකරුවන් වන 73 හැවිරිදි ඩැනියෙල් පැනිසියෝ සහ 51 හැවිරිදි මෝනා කර්ක් වයස අවුරුදු 11, 13 සහ 14 යන වයස්වල පසුවූ තම දරුවන් මේ ආකාරයෙන් අනාරක්ෂිතව තබාගෙන සිට ඇත්තේ ඔවුන්ගේ මළ මූත්‍ර සහ අපද්‍රව්‍ය පිරි පෙට්ටියක් තුළය.

මෙම දරුවන් වසර 4ක කාලයක් මෙහි ජීවත්ව ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. පොලීසිය විසින් මෙය සොයාගන්නා විට ඔවුන් මන්දපෝෂණ තත්ත්වයේ සිටි බවද කියයි.

එම ස්ථානයේ දරුවන්ට අවශ්‍ය පිරිසුදු ජලය හෝ විදුලිය පවා නොතිබූ බවත්, පොලීසිය විසින් අත්හැර දමා ඇති ආකාරයේ ට්‍රේලරයක් දැකීමෙන් මෙය පරීක්ෂා කර ඇති බවත් කියැවෙයි. එහිදී ප්ලයිවුඩ් ලෑලි යොදා සකස් කළ එම විශාල පෙට්ටි නිවස ඔවුන්ට හමුවී ඇත.

අඩි 20ක් පමණ දිග, අඩි 4ක් පමණ උස, අඩි 10ක් පමණ පළල පෙට්ටියක් තුළ දරුවන් තබාගෙන ඔවුන් වදබන්ධනයට ලක්කිරීමේ චෝදනා මෙම දෙමවුපියන්ට එල්ල වී තිබේ.

මෙම මව දරුවන් සමග එම පෙට්ටියේ ජීවත්ව ඇති අතර, වයෝවෘද්ධ පියා ටේලරයේ ජීවත්ව ඇති බව කියැවෙයි.

පොලීසිය පූසන් 30 - 40ක්ද මේ ආසන්නයේ සිටියදී සොයාගැනීමට හැකිවී ඇති අතර, දෙමවුපිය යුවළට ඇ.ඩො.ලක්ෂයක දඩ මුදලක්ද නියම කර ඇත.

1_Box Life 2



Recommended Articles