ලාස්වේගාස් වෙඩික්කරු සංසුන් මිනිසෙකු බව පෙම්වතිය කියලා


ජීවිත 59ක් බිලිගනිමින් ලාස් වේගාස් හි සංගීත ප්‍රසංගයක් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකළ පුද්ගලයාගේ පෙම්වතිය පවසන්නේ තම කරුණාවන්ත, දයාවෙන් පිරි, බොහෝ සංසුන් ජීවිතයක් ගතකළ පෙම්වතා කුමන අරමුණක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකළේ දැයි නොදන්නා බවයි.

පිලිපීන ජාතික මාරිලෝ ඩැන්ලී නැමති මෙම කාන්තාව පසුගියදා ඇමෙරිකාව වෙත පැමිණ ස්ටෙෆන් පැඩොක් නමැති මෙම වෙඩික්කරු හෙවත් ඇගේ පෙම්වතා සම්බන්ධයෙන් තම නීතීඥයන් මාර්ගයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් ඇය මෙම කරුණු අනාවරණය කර තිබුණි.

ඇමෙරිකානු ඉතිහාසයේ අතිශය දරුණු වෙඩි තැබීම් ඛේදවාචකයක් ලෙස ඉතිහාසගත වන මෙම සිදුවීමෙන් පුද්ගලයන් 527 දෙනෙකු තුවාල ලැබීය.

මේ අතර, අදාළ සිදුවීමෙන් පසුව ඊයේ (04දා) ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලාස් වේගාස් හි සංචාරයක නිරත විය. ඔහු කියා සිටියේ මේ අවස්ථාවේදී ඇමෙරිකාවම මහත් වූ ශෝකයට පත්වන බවයි.

මෙම කාන්තාව විසින් ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් කියා තිබුණේ, තමන් ඔහුට බොහෝ සෙයින් ආදරය කළ බවයි. ඉදිරියේදී ඔවුන් එක්ව ජීවත් වීමට සැලසුම් කරගෙන සිටි බවද ඇය කියා තිබුණි.

කෙසේ වෙතත්, මේ ඛේදවාචකය ඇසුණු විට තමන් මහත් විමතියට පත්වූ බවත්, මෙය වචනයෙන් විස්තර කළ නොහැකි මහා මනුෂ්‍ය සංහාරයක් බවත් ඇය පවසා ඇත.

1_US shoot 2



Recommended Articles