ලැව් ගින්නක් ආකාරයෙන් ඉබෝලා වෛරසය පැතිරීමත් සමග ලයිබීරියාවේ පැවැත්ම සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයක් හටගෙන ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී අදහස් දක්වමින් බ්‍රවුනී සමුකායි පවසා ඇත්තේ වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීම් තවමත් ප්‍රමාණවත් නොවන බවයි.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු ඇඟවීමක් කරමින් පවසා සිටියේ ලයිබීරියාව තුළ ඉබෝලා පැතිරීම තවත් දහස් ගණනකින් ඉහළ යනු ඇති බවයි.
එමෙන්ම, ඉබෝලා පැතිරීම සිදුවන බටහිර අප්‍රිකානු කලාපයේ දරුණුතම ප්‍රතික්‍රියා ඇතිකරන රාජ්‍යය ලයිබීරියාව විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ වනවිට, ලයිබීරියාව, ගිනියාව සහ සියෙරා ලියෝන් යන රාජ්‍යයන්හි ඉබෝලා වෛරසය හේතුවෙන් ජීවිත හානි 2,288ක් වාර්තා වෙයි.