ඉස්ලාම් ලබ්ධිය අත්හැරීමේ චෝදනාවට වැරදිකරු කරමින්, මරණ දඬුවමට නියම වූ මෙරිඈම් ඊබ්‍රාහිම් නමැති සුඩාන කාන්තාවට නිදහස ලැබෙනු ඇති බව කලින් පැවසුණත්, ඇයගේ ස්වාමියා වෙත සිය බිරිඳ නිදහස් කරන බවට කිසිදු පාර්ශ්වයකින් දැනුම් දීමක් නොලැබී ඇති බව බී.බී.සී.ය කියයි.
සුඩාන බලධාරීන් පවසා සිටි පරිදි ඇයට ඉදිරි දින කිහිපය තුළ නිදහස හිමිවනු ඇති බව ඊයේ (31දා) වාර්තා විය.
කෙසේ වෙතත්, අද (01දා) වනවිට සුඩාන විදේශ අමාත්‍යාංශය පවසා සිටියේ ඇය නිදහස් කිරීම සිදුකළ හැකි වන්නේ නීති මගින් පමණක් බවයි.
මෙරිඈම් ඊබ්‍රාහිම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය පැනවීම ගැන ලොව පුරා ආන්දෝලනයක් ඇති වී තිබෙන වාතාවරණයක ඇය නිදහස් කෙරෙන පුවතින් බොහෝ දෙනෙකු සතුටට පත් වුවත්, එය අද නැවත වෙනස් වී ඇත.
ඇය ක්‍රිස්තියානි භක්තිකයෙකු ලෙස හැදී වැඩී තිබුණත්, ඇයගේ පියාගේ ලබ්ධිය වන ඉස්ලාම් දහම ඇය පිළිගත යුතු බව අධිකරණයේ තීන්දුව වී තිබුණි.
නමුත්, ඇය තම ක්‍රිස්තියානි ලබ්ධිය අත්හැරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තමන් අදහන ආගම අත්හැරීමේ චෝදනාව ඇය වෙත එල්ල කරමින් ඊබ්‍රාහිම්ට මරණ දණ්ඩනය නියම කර තිබුණි.