උතුරුදිග ලන්ඩනයේ කැම්ඩෙන් ලොක් සංචාරක වෙළෙඳ කලාපයේ හදිසියේ ගින්නක් ඇති වී තිබෙන අතර, මේ වනවිට ගිනි නිවන භටයන් 70ක් සහ ගිනි නිවන රථ 10ක් එම ස්ථානයට යවා ඇති බව ලන්ඩන් බලධාරීහු පවසති.
වඩාත් ප්‍රකට සංචාරක කලාපයක් වන මෙහි ව්‍යාපාරික ගොඩනැගිලි කිහිපයකින් ගින්න ඇරඹී ඇති බව ගිනි නිවන හමුදාව පවසයි.
කෙසේ වෙතත්, ගින්නෙන් මෙම සංචාරක කලාපයේ සමස්තයට හානියක් සිදුව නොමැති බවත්, සෙසු කලාපය තුළ සුපුරුදු පරිදි කටයුතු සිදුකෙරෙන බවත් සඳහන් වෙයි.
මෙම අවස්ථාවට ලන්ඩනයේ ගිලන්රථ සේවයද කැඳවා තිබුණත් ගින්නෙන් කිසිවෙකුට ජීවිත හානි හෝ තුවාල සිදුවූ බවට තොරතුරු වාර්තා නොවන බවද බලධාරීහු පවසති.
ලන්ඩනයේ මෑතකදී ඇති වූ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ ගින්න හේතුවෙන් මෙම ගින්න සම්බන්ධයෙන්ද විශාල උනන්දුවක් ඇති වී තිබුණි.