රොහින්ග්‍යා අර්බුදය තුළින් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඇතුළු ලොව පුරා ඇති ජිහාඩ් ත්‍රස්ත සංවිධාන ආසියානු කලාපය තුළ බලවත් වීමේ අවදානමක් පවතින බව ඔස්ට්‍රේලියානු විදේශ ලේකම් ජූලි බිෂොප් පවසයි.
රොහින්ග්‍යා සටන්කාමීන්ට එරෙහිව මියන්මාර හමුදා විසින් දියත්කළ හමුදා ක්‍රියාමාර්ගය සමග, මියන්මාරයේ රඛයින් පළාතේ ජීවත් වූ රොහින්ග්‍යා සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මේ වනවිට බංග්ලාදේශයට පළාගොස් තිබේ.
ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ මෙම රොහින්ග්‍යා අර්බුදය සමග කලාපය තුළ මෙන්ම, බටහිර ලෝකය වෙතද විශාල තර්ජනයක් ඇතිකළ හැකි බවයි.
මියන්මාරයේ, රඛයින් පළාතෙන් බංග්ලාදේශය වෙත පළා යමින් සිටින රොහින්ග්‍යාවරුන්ව ISIS හා අනෙකුත් ජිහාඩ් ත්‍රස්ත සංවිධාන විසින් ආයුද අතට ගැනීමට පොළඹවා ගත හැකි බවත්, ඔවුන්ව බටහිරට එරෙහිව සටන් කිරීමට යොදාගත හැකි බවත් ජූලියා බිෂොප් වැඩිදුරටත් පවසා තිබේ.
මේ තත්ත්වය තුළ මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදයට කඩිනම් විසඳුම් සොයාගත යුතු බවද ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.