රොහින්ග්‍යා සන්නද්ධ පිරිස් හින්දූන් සමූල ඝාතනය කරලා


මියන්මාරයේ රොහින්ග්‍යා අන්තවාදී ආයුද සන්නද්ධ කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද හින්දූන් 28 දෙනෙකුගේ සිරුරු සහිත සමූහ මිනී වළක් හමුවී තිබේ.

මියන්මාර ආරක්ෂක අංශ පවසන්නේ මියගිය පිරිස අතර කාන්තාවන් 20කගේ සහ පුරුෂයන් 8 දෙනෙකුගේ සිරුරු පවතින බවයි.

උතුරුදිග රඛයින් පළාතේ මිනි වළවල් දෙකකින් මෙම සිරුරු හමුවී ඇති අතර, මියගිය පිරිමි සිරුරු අතර තරුණයන්ගේ සිරුරුද පැවති බව කියැවෙයි.

පසුගිය අගෝස්තු 25 වැනිදා රඛයින් පළාතේ පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් රොහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් විසින් දියත් කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව මියන්මාර හමුදා විශේෂ මෙහෙයුමක් ඇරඹීය.

මෙම මෙහෙයුම සමග රොහින්ග්‍යා සාමාන්‍ය වැසියන් අසල්වැසි බංග්ලාදේශයට පළා යන බවත්, එය මියන්මාරය විසින් සිදුකරන ජනවාර්ගික අතුගා දැමීමක් ලෙසත් ඇතැම් විදෙස් මාධ්‍ය විසින් මවාපාන්නට විය.

කෙසේ වෙතත්, මෙම අර්බුදයෙන් පීඩාවට පත්වූයේ මියන්මාර් මුස්ලිම්වරුන් පමණක් නොව, එරට වෙසෙන බහුතර බෞද්ධයන් මෙන්ම, හින්දූන්ටද මෙම ගැටුම් හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ බව බොහෝ විදෙස් මාධ්‍යවල සඳහන් නොවීය.

මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛීද කියා සිටියේ තම පොළොවේ සිදුවන සැබෑ තත්ත්වය වටහා නොගෙන විශාල මිත්‍යාවක් මාධ්‍ය හා ජාත්‍යන්තර ආයතන විසින් මවන බවයි.

රඛයින් පළාතේ සිදුවන මෙහෙයුම, අර්කාන් ගලවා ගැනීමේ රොහින්ග්‍යා හමුදාව ලෙස පෙනී සිටින ආයුද සන්නද්ධ ත්‍රස්ත සංවිධානයට එරෙහිව මියන්මාර හමුදාව සිදුකරන සටනක් විනා, ජනවාර්ගික අතුගා දැමීමක් නොවන බවද මියන්මාර රජය අවධාරණය කරයි.

1_Rohingya 0 1_Rohingya 3



Recommended Articles