රොහින්ග්‍යා සන්නද්ධ පිරිස් ෆේස්බුක් ජාලයෙන් ඉවතට


ෆේස්බුක් සමාජජාලය විසින් මියන්මාරයේ, රොහින්ග්‍යා ආයුද සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමේ ක්‍රියාකාරකම් එම සමාජ ජාලයෙන් නෙරපා දැමීමට කටයුතු කර තිබේ.

මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය තවදුරටත් ඔඩුදිවීම වැළැක්වීමේ අරමුණින් මෙම භයානක ආයුද සන්නද්ධ කණ්ඩායමේ තොරතුරු තම සමාජජාලය තුළ තහනම් කිරීමට ෆේස්බුක් කටයුතු කර ඇතැයි ද හින්දු පුවත්පත පවසයි.

මියන්මාරයේ රඛයින් පළාතේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණයේදී තොරතුරු වාර්තා කිරීම සඳහා ෆේස්බුක් සමාජජාලය වඩාත් ප්‍රබල මාධ්‍යයක් ලෙස යොදාගෙන තිබුණි.

කෙසේ වෙතත්, අරකන් රොහින්ග්‍යා ගලවාගැනීමේ හමුදාව නමින් පෙනී සිටින මෙම සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම සම්බන්ධ තොරතුරු තම සමාජජාලයෙන් ඉවත්කරන ලෙස මියන්මාර රජයෙන් කිසිදු ඉල්ලීමක් නොලැබුණු බව ෆේස්බුක් සමාජජාලය පවසයි.

නමුත්, මෙම තීරණය ම්ලෙච්ඡ සටන් කණ්ඩායම් තම සමාජජාලයෙන් ඉවත්කිරීමේ ප්‍රතිපත්තියේ පිහිටා සමාගම විසින් ගනු ලැබූ තීරණයක් බව ෆේස්බුක් සමාජජාලය පවසා තිබේ.

පසුගිය අගෝස්තු 25 වැනිදා මෙම අරකන් ත්‍රස්ත කණ්ඩායම් විසින් මියන්මාරයේ පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය මෙම අර්බුදකාරී තත්ත්වය හටගැනීමේ ප්‍රධාන සිදුවීම විය.

එහිදී, රොහින්ග්‍යා ආයුද සන්නද්ධ ජාලයේ පිරිස් මෙන්ම, ඔවුන් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාධරයන් ප්‍රචණ්ඩක්‍රියා උලුප්පා දක්වමින් ෆේස්බුක් වෙත ඇතුළත් කළ නොහැකි ඡායාරූප හා වීඩියෝ දසුන් නිරන්තරයෙන් ඒ තුළ ප්‍රසිද්ධි කිරීමට උත්සාහ කරන බවට ෆේස්බුක් අවධානයෙන් පසුවී තිබේ.

මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛීද පවසා සිටියේ මියන්මාරය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හා සමාජජාල තුළ මහා දැවැන්ත බොරුවක් අයිස් කන්දක් ආකාරයෙන් මවමින් තිබෙන බවයි.  

නමුත්, ජාත්‍යන්තර ප්‍රජාව නිරන්තරයෙන් ජනවාර්ගික සුද්දයක් සිදුකරන බවට සුඛි වෙත චෝදනා එල්ල කරන්නට විය. විශේෂයෙන්ම බටහිර පදයට ඇයව නම්මවා ගැනීමට නොහැකි වීමද මේ ආකාරයෙන් සුඛි වෙත බලවත් ලෙස ඇඟිල්ල දිගුවීමට හේතුවක් වී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

1_Facebook A Myanmar border guard police officer stands guard in Tin May village 4 3



Recommended Articles