මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය හමුවේ එරට නිල නොලත් නායිකාව ලෙස ප්‍රකට අවුන්ග් සාන් සුඛි වඩාත් සුබවාදී හා රටට ඔබින තීරණය ගෙන ඇති බව එරට බහුතර සිවිල් සමාජය අවධාරණය කරයි.
විශේෂයෙන්ම, මෙම රොහින්ග්‍යා අර්බුදය ඉලක්ක කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මියන්මාරය තවදුරටත් ම්ලේච්ඡ රාජ්‍යයක් ලෙස හුවා දැක්වීමට ඇතැම් විදෙස් මාධ්‍ය හා ඔවුන්ගේ දෙස් විදෙස් නියෝජිතයන් ප්‍රබල උත්සාහයක නිරතවෙමින් සිටින අතරතුර මියන්මාරයට සහ එරට පාලනයට පක්ෂවද ලොවපුරා බෞද්ධ ප්‍රජාවගෙන් මෙන්ම එම රටවලින්ද විශාල සහයෝගයක් හිමිවෙමින් පවතින බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වරින් වර දත්ත ඉදිරිපත් කරමින් 370,000කට අධික රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිරිසක් බංග්ලාදේශයට පළාගොස් ඇති බව පවසයි. පළායන පිරිස් අතර සිටින කාන්තාවන් දූෂණයට ලක්ව ඇති බවත්, ඔවුන්ගේ නිවාස බෞද්ධයන් විසින් ගිනිතබා ඇති බවත් මෙම මාධ්‍ය ප්‍රධාන මාතෘකා බවට පත්කරයි.
එනමුදු, මියන්මාර රජය අවධාරණය කරන්නේ සිය නීත්‍යානුකූල හමුදාව රඛයින් පළාතේ සාමාන්‍ය වැසියන් සමග නොව, එම පළාත තුළ ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් රොහින්ග්‍යා ප්‍රජාව සමග ඇතිදැඩිව, පෝෂණ්‍ය වූ බෙංගාලි අන්තවාදී ත්‍රස්තයන් සමග සටනක නිරත වන බවයි.
විශේෂයෙන්ම ආයුද සන්නද්ධ ත්‍රස්ත සංවිධානයක් වෙත තවදුරටත් කිරිපෙවීම නොව, ඔවුන් අතුගා දැමීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක යුතුකම බවද මියන්මාරය අවධාරණය කර තිබේ.
එමෙන්ම, මෙම බටහිර මාධ්‍ය විසින් හුවාදක්වන ආකාරයේ ස්ත්‍රී දූෂණ හෝ නිවාස ගිනි ගැනීම් හුදු අන්තවාදීන්ගේ ප්‍රචාරක චිත්‍රපට පමණක් බව පෙන්වාදෙන මියන්මාරය, එම පළායන පිරිස් විසින්ම තම නිවෙස්වලට ගිනි තබමින් ඒ චෝදනාවද මියන්මාර රජය වෙත පැටවීමේ උත්සාහයක නිරතව සිටින බවද සඳහන් කරයි.
මීට අමතරව, රඛයින් පළාත තුළ සුළුතර ජනකොටසක් ලෙස සෑමවිටම රොහින්ග්‍යාවරුන් හැඳින්වීමටද මෙම බටහිර මාධ්‍ය උත්සාහ කළද, සැබෑ සංඛ්‍යාලේඛන අනුව එම පළාත මේ වනවිට බහුතර රොහින්ග්‍යා ජනගහනයකින් ආක්‍රමණය කිරීමම මෙම අර්බුදය ඔඩුදිවීමට හේතු වී ඇති බව කියැවෙයි.
එදා එල්.ටී.ටී.ඊ යුද සමයේදී පවා මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන උතුරු පළාත තුළ මෙන්ම, විදෙස් රටවල සිටින ඒජන්තවරුන් හා ඩොලර්වලින් යැපෙන එන්.ජී.ඕ. නඩ විසින් සිදුකළ ආකාරයද මියන්මාර අර්බුදය සමග මතකයට නැඟෙන බව ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.
එබැවින්, විදෙස් ඒජන්තවරුන් හා අන්තවාදීන් විසින් මෙහෙයවන මාධ්‍ය සංදර්ශනවල තාරබර ඉවත්කර, සැබෑ තතු ගවේෂණයේදී මෙම රඛයින් පළාත තුළ සැබෑ ලෙසම අසරණ වී ඇත්තේ බෞද්ධයන් බව පැහැදිලි වන්නේ යැයි මියන්මාර බෞද්ධ ප්‍රජාව එකහෙලා ලෝකය හමුවේ අවධාරණය කර සිටියි.
එමෙන්ම, එලැඹෙන සැප්තැම්බර් 19දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට මියන්මාරයේ අවුන්ග් සාන් සුඛීට තිබූ අවස්ථාව වෙනුවට, ඇය 'ජාතික සමගිය හා සාමය' යන මාතෘකාව යටතේ එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට සූදානමින් සිටින බවද මියන්මාරයෙන් වැඩිදුරටත් වාර්තා වෙයි.