රොබට් මුගාබේ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි


සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

ජනාධිපතිවරයාට එරෙහිව එරට පාලක පක්ෂය වන සානු පී.එෆ් පක්ෂය විසින් විශ්වාසභාංගයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අවස්ථාවේදී හෙතෙම මෙම තීරණය ගෙන තිබේ.

සුමට බල හුවමාරුවක් වෙනුවෙන් තමන් ස්වෙච්ඡාවෙන් මෙම තීරණය ගත් බව ලිපියක් මගින් ජනාධිපතිවරයා දන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

ජනපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග ජනතාව වීදිබැස ප්‍රීතිඝෝෂා පවත්වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

93 වැනි වියෙහි පසුවන රොබට් මුගාබේ දීර්ඝ කාලයක් ජනාධිපති ධුරය දැරූ අයෙකු වන අතර, සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේ වෙත ජනපති පදවිය ලබාදීමට ගත් උත්සාහය ඔහුගේ ඉරණම මෙසේ විසඳීමට හේතු විය.  

1_Mugabe



Recommended Articles