අධිධ්වානික (හයිපර්සොනික්) මිසයිලයක් අති සාර්ථකව අත්හදා බැලූ බව රුසියාව නිවේදනය කරයි.
මෙම මස මුලදී රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් විසින් නිවේදනය කළ රුසියාවේ නවතම න්‍යෂ්ටික හැකියාවෙන් යුතු අවි එකතුවට කින්සාල් නමින් හැඳින්වෙන මිසයිලයද අයත් වන බව විදෙස් වාර්තා පවසයි.
රුසියානු ප්‍රහාරක යානයක් මගින් මෙම මිසයිලය පතිත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණි.
ඔවුන් පවසා තිබුණේ ඉතා නිවැරදිව ඉලක්කය ගැනීමට කින්සාල් මිසයිලයට හැකියාවක් පවතින බවයි.
ශබ්දයේ වේගය මෙන් දස ගුණයක වේගයකින් ගමන් කරන මෙම මිසයිලයට ගමන් කළ හැකි දුර කිලෝමීටර් 2,000කි.