රුසියාව සැරසෙන්නේ නැවතත් සෝවියට් රුසියාවක් වෙනුවෙන්ලු


රුසියාවට අවශ්‍යව ඇත්තේ යුක්රේනය නමැති රාජ්‍යය ඉවත් කරමින් නැවතත් සෝවියට් රුසියාව පිහිටුවීම බව යුක්රේන අගමැති ආර්සනී යට්සෙන්යුක් අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ යුක්රේනය තවදුරටත් යුද වේදිකාවක පසුවන බවයි. ඊට හේතුව රුසියාව විසින් දිගින් දිගටම සිදුකරන අතපෙවීම් බවත් හෙතෙම පවසයි.

යුක්රේනය සහ බටහිර රටවල් චෝදනා කරන්නේ රුසියානු හිතවාදීන්ට රුසියාව සහාය දක්වමින් තම හමුදාවන්ද නැගෙනහිර යුක්රේනය වෙත යොමුකර ඇති බවයි. කෙසේ වෙතත් මේ චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

පසුගිය සැප්තැම්බර් 5 වැනිදා සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වෙතත්, එය ඉතා දුර්වල තත්ත්වයේ පසුවන බවද කියි.



Recommended Articles