රුසියාව විසින් යුක්රේනය අස්ථායී කරන බවට ඇමෙරිකාවෙන් චෝදනා


නැගෙනහිර යුක්රේනය තුළ රුසියාව විසින් සිදුකරන්නේ බාධාකිරීමක්, ඇස්බැන්දුමක් මෙන්ම රට අස්ථායී කිරීමක් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් චෝදනා කරන ලදී.

මොස්කව් වෙත තරමක් දැඩි විවේචනයක්ද සහිත ලිපියක් යවමින් ජෝන් කෙරී අවධාරණය කර තිබෙන්නේ දැනට උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට සහාය වීම හෝ ඉදිරියේදී තවදුරටත් සම්බාධකයන්ට මුහුණ දීම යන දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙසයි.

රුසියානු හිතවාදීන් ඉලක්ක කළ යුක්රේන කොමන්ඩෝ භටයන් විසින් ආරම්භ කළ මෙහෙයුමත් සමග රුසියාවද සිය දේශසීමා ආසන්නයේ මේ වනවිට යුද අභ්‍යාස ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට දහස් ගණන් වූ රුසියානු හමුදා නැවත යුක්රේන දේශසීමා ආසන්නයට පැමිණ ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍ය මික්හෙයිල් කෝවාල් පවසයි.

ඒ අනුව, යුක්රේනය ඇසුරේ මේ උද්ගතව ඇති අර්බුදය ඇමෙරිකාව හා රුසියාව අතර යුද්ධයකට අර ඇඳීමක් තරම් දරුණු ව්‍යසනයක පෙර නිමිති පෙන්වන බවද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



Recommended Articles