රුසියාව යුක්රේනයට දෙහි කැපීම අරඹයි


බටහිරට නැඹුරු වූ යුක්රේනයේ නව අන්තර්වාර ජනාධිපතිවරයාට එරෙහිව රුසියාව සිය වාග් ප්‍රහාර ආරම්භ කර ඇති බව පැවසෙයි.

යුක්රේනයේ හිටපු ජනපති වික්ටර් යනුකොවිච් ධුරයෙන් පහ කිරීමත් සමග මේ අර්බුදකාරී තත්ත්වය මතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසා සිටියේ කියෙව් හි අන්තර්වාර අධිකාරිය හමුදා කැරලිගැසීමක් සිදුකර ඇති බවයි.

එමෙන්ම, යනුකොවිච් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බව මීට පෙර යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේය.

පසුගිය සෙනසුරාදා යනුකොවිච් ධුරයෙන් පහ කිරීමට අමාත්‍යවරු ඡන්දය ප්‍රකාශ කළ අතර, මේ වනවිට ඔහු ආගිය අතක් නොමැති බව කියැවෙයි. 



Recommended Articles