රුසියාව බටහිර පරිගණකවලට මකුණන් එවලා


නෝටෝ සහ බටහිර රාජ්‍යයන්ගේ පරිගණක පද්ධතිවල මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියට ඇතුළු වී ඒවායෙහි ඔත්තු බැලීම වෙනුවෙන් රුසියානු හැකර්වරු බග් වැඩසටහනක් ආශ්‍රයෙන් කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම බග් වැඩසටහනම යොදාගෙන ඔවුන් යුක්රේන සහ පෝලන්ත රජයේ පරිගණක වෙතද ඇතුළු වීමට කටයුතු කර ඇති බව අන්තර්ජාල බුද්ධි තොරතුරු ආයතනයක් වන අයිසයිට් පාට්නර්ස් පවසයි.

කෙසේ වෙතත්, මෙම හැකර්වරු ඇතුළු වූ දත්ත පිළිබඳ අනාවරණය කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවත්, ඔවුන් යුක්රේන අර්බුදය සම්බන්ධ තොරතුරු සොයා ඇති බවට තොරතුරු පවතින බවත් එම ආයතනය පවසයි.

මේ අතර, මයික්‍රොසොෆ්ට් සමාගම පවසා ඇත්තේ මෙම බග් වැඩසටහන ඔවුන් විසින් හඳුනාගත් බවයි.

එම සමාගම වැඩිදුරටත් පමවසන්නේ මේ හේතුවෙන් බලපෑම් ඇති වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල ස්වයංක්‍රීය යාවත්කාලීන කිරීමක් ඔවුන් දැනටමත් සිදුකර ඇති බවයි.

 



Recommended Articles