රුසියාව නැගෙනහිර යුරෝපයට අතපොවනවා - මාර්කෙල්


නැගෙනහිර යුරෝපීය රටවලට අතපෙවීම සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් රුසියාව දෝෂ දර්ශනයට ලක්කර තිබේ.

ජර්මානු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජර්මානු නායිකාව පවසා ඇත්තේ රුසියාව විසින් මෝල්ඩෝවා, ජෝර්ජියා සහ යුක්රේනය යන රටවල ප්‍රශ්න ඇති කරන බවයි.

එම රටවල භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් වන ලෙස කටයුතු කරන රුසියාවට කිසිසේත්ම යුක්රේන භූමියේ හිට ගැනීමට අයිතියක් නොමැති බව ඇය අවධාරණය කරයි.

මෝල්ඩෝවා, ජෝර්ජියා සහ යුක්රේනය යන රටවල් යුරෝපා සංගමය සමග වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් කර තිබේ.



Recommended Articles