රුසියාව අසාද් විරුද්ධ වාදීන් ඉලක්ක කරනවා - ඔබාමා


රුසියානු ගුවන් හමුදා තෙවැනි දිනටත් සිරියාවේ සටන් කණ්ඩායම් ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ උදහසට ලක්ව තිබේ.

ඔහු පවසන්නේ රුසියාව ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට වඩා සිරියානු ජනපති බෂර් අල් අසාද් විරුද්ධවාදී සටන් කණ්ඩායම් ඉලක්ක කරන බවයි.

කෙසේ වෙතත්, වසර ගණනාවකට පසුව රුසියාව සෘජුවම මැදපෙරදිග අර්බුදයක් වෙනුවෙන් සම්බන්ධ වීම ගැන ඇමෙරිකාව යම් තැති ගැන්මකට ලක්ව ඇති බවද විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකානු හිතවාදී මාධ්‍ය විසින් මෙම ප්‍රහාර අසාද් විරුද්ධ වාදීන් ඉලක්ක කරන්නක් යැයි පැවසුණත්, තමන්ගේ ඉලක්කය ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබුණි.

දශක හතරකට වඩා අධික සිරියානු අර්බුදය විසඳීමට ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය අපොහොසත් වීම තුළ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින්ගේ මෙම ක්ෂණික ක්‍රියාමාර්ගය බොහෝ රටවල් විමතියට පත් කර ඇත.

රුසියාවේ මෙම යුදමය ක්‍රියාමාර්ගය වෙනුවෙන් ඉරානයේ සහායද එරටට ලැබෙන බව වාර්තා වෙයි.

 

 


Recommended Articles