රුසියාවේ මොස්කව් අගනුවර මුද්‍රණාල ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු බලධාරීහු පවසති.
ගින්න ඇති වූ ස්ථානයේදීම පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බවත් පැවසෙයි.
ගින්න හටගත් ගබඩාවේ බිත්තියක් කඩා ගිනිනිවන භටයන් ඊට ඇතුළු වී මියගිය පුද්ගලයන්ගේ සිරුරු හා තුවාල ලැබූවන් සොයාගෙන ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, 12 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වී ඇති අතර, තවත් කිහිප දෙනෙකු මින් තුවාල ලබා ඇති බවද කියැවෙයි.
මෙසේ මියගිය සියලු දෙනා පැරණි සෝවියට දේශයට අයත් කිරිගිස්ථාන රාජ්‍යයේ වැසියන් බවත්, ඔවුන් මෙම මුද්‍රණාලයේ සේවකයන් බවත් රුසියානු බලධාරීහු පවසති.
ගින්න හට ගැනීමට හේතුව ලාම්පුවක් බව මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇති තිබුණත්, මේ සම්බන්ධයෙන් විශේෂ අපරාධ පරීක්ෂණයක් අරඹා ඇති බව රුසියානු බලධාරීහු පවසති.