රුසියාවේ ඉදිරි වසර හයක කාලය තුළ දරිද්‍රතාව හරි අඩකින් අඩු කරන බව ජාතිය අමතා එරට ජනාධිපතිවරයා සිදුකරන වාර්ෂික කතාවේදී අවධාරණය කර තිබේ.
තවත් අඩ මසකින් ආරම්භ වීමට නියමිත රුසියානු මැතිවරණයට පෙර රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් විසින් පවත්වන අවසන් වාර්ෂික කතාවේදී ඔහු මෙම කරුණු ඉස්මතු කර ඇත.
සිය සිව්වැනි ධුර කාලය සඳහා වූ තමාගේ ප්‍රමුඛ ආර්ථික ප්‍රතිපත්ති රාමුව ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.
රටේ සෑම පුරවැසියෙකුම අපට ඉතාම වැදගත් වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට තුළ රැකියා නියුක්තිය ඉහළ නංවමින්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාවද ඉහළ දැමීම වෙනුවෙන් වූ කාර්ය භාරයක් ඉටුකරන බව සඳහන් කර ඇත. එය ජපානයේ සහ ප්‍රංශයේ තත්ත්වයට ගැනීම ඔහුගේ ඉලක්කය වී තිබේ.