රුසියාවේ තර්ජනයත් සමග ඔස්ට්‍රේලියානු මෙහෙයුම් නවතී


ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් සිරියාවේ සිදුකරන මෙහෙයුම් පිළිබඳව රුසියාව අනතුරු ඇඟවීමත් සමග ඔස්ට්‍රේලියාව සිරියාව ආශ්‍රිතව සිදුකරන සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ගුවන් මෙහෙයුම්වල තාවකාලික අත්හිටුවීමක් සිදුකළ බව ඔස්ට්‍රේලියානු රජය පවසා සිටියත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පවසා නොමැත.

ඇමෙරිකානු ප්‍රහාරක යානා විසින් සිරියාවට අයත් ප්‍රහාරක යානාවක් වෙඩි තබා බිම හෙළීමේ සිද්ධියත් සමග මොස්කව් පාලනාධිකාරිය මෙම අනතුරු ඇඟවීම සිදුකළේය.

එමෙන්ම, සිරියාව ආශ්‍රිත මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සිදුකරන සන්නිවේදනයද නවතා දැමීමට රුසියාව කටයුතු කළේය.

ඉරාකයේ හා සියාවේ ක්‍රියාත්මක අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට එරෙහිව ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් සිදුකරන ගුවන් මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියාවේ හමුදා සාමාජිකයන් 780ක් පමණ සම්බන්ධ වී සිටියි.



Recommended Articles