රුසියාවේ ගින්න හේතුවෙන් නගරාධිපති ඉල්ලා අස්වෙයි


රුසියාවේ කෙමෙරෝව් නගරයේ දැවැන්ත වෙළෙඳ සංකීර්ණයක් තුළ ඇති වූ ගින්න සමග ජීවිත 60කට වැඩි ප්‍රමාණයක් අහිමි වීම හේතුවෙන් එම නගරයේ දීර්ඝ කාලයක් නගරාධිපති ධුරය දැරූ ආමන් ටිලේයිව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නිසි ගිනි පාලක උපකරණ හෝ නොමැති වූ මෙම ගින්නට හසුව මියගිය පිරිස අතර කුඩා දරුවන්ද රැසක් සිටි අතර, මෙය රුසියානු පාලක පක්ෂය වෙතද දැඩි බලපෑමක් ඇති කළ සිදුවීමක් විය.

ඒ අනුව, මේ අවස්ථාවේදී නගරාධිපතිවරයා ලෙස ගත යුතු හොඳම විසඳුම තම ධුරයෙන් ඉවත් වීම බව ඔහු අවධාරණය කර තිබේ.

පළාත් පරිපාලන වෙබ් අඩවිය මගින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ පිළිබඳව නිවේදනය කර තිබේ.

1_Fire



Recommended Articles