රුසියාවේ, කම්චට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් සාගරයේ සිදුවූ රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
භූමිකම්පාවේ මූලික දත්ත සැලකිල්ලට ගනිමින් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම වෙරළ තීරයෙන් කිලෝමීටර් 300ක් පමණ මුහුදේ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පවතින බවත්, සුනාමි රළ කම්චට්කා හි නැගෙනහිර වෙරළ තීරයෙන් කිලෝමීටර් 500ක් පමණ ඔබ්බට නොපැමිණෙනු ඇති බවත් සඳහන් වෙයි.
මෙම ප්‍රධාන භූමිකම්පාවෙන් පසුව තවත් පසු කම්පන කිහිපයක්ම ඇතිවී තිබෙන අතර, ඒවා රික්ටර් පරිමාණ 5.0ත් ඊට අඩු මට්ටම්වලත් පැවති බව කියයි.
මෙම භූ කම්පනය මූලිකව රික්ටර් පරිමාණ 7.4ක් ලෙස සටහන් වුවත්, පසුව එය 7.8ක ප්‍රබල භූ කම්පනයක් බව තහවුරු කර තිබුණි.
කෙසේ වෙතත්, මෙමගින් ඇති කරන සුනාමි තත්ත්වය උතුරු ඇමෙරිකානු වෙරළ තීරයන්ට බලනොපානු ඇති බවද පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා තිබුණි.