රුසියාවට එරෙහිව යුක්රේනය සමග ඇමෙරිකාව නැගී සිටියි


ඇමෙරිකාව යුක්රේනය සමග නැගී සිටින බව ධවල මන්දිරයට පැමිණි යුක්රේනයේ අන්තර්වාර අගමැතිවරයා හමුවේ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා තිබේ.

එහිදී බරැක් ඔබාමා රුසියාවට අනතුරු ඇඟවීමක් කරමින් කියා ඇත්තේ, ක්‍රිමියා කලාපයෙන් රුසියානු හමුදා ඉවත් කර ගැනීමට කටයුතු නොකළහොත්, ඒ වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රජාව විසින් රුසියාවට එරෙහිව නැගී සිටින බවය.

මීට පෙර ට7 රාජ්‍ය නායකයන් විසින්ද මීට සමාන අනතුරු ඇඟවීමක් කර තිබුණි.

ඔබාමා හමුවීමෙන් පසුව මාධ්‍ය ඇමතූ යුක්රේන අන්තර්වාර අගමැති ආර්සනී යට්සෙන්යුක් පවසා සිටියේ යුක්රේනය කිසි විටෙකත් රුසියාවට යටත් නොවන බවය.

“ජාත්‍යන්තර එකඟතා, අවබෝධතා බිඳ හෙළමින් 21 වැනි ශතවර්ෂයේදී රුසියාව විසින් යුක්රේන භූමියේ මේ කරන අත්පෙවීම කිසිම ආකාරයකින් භාරගැනීමට නොහැකියි.” අගමැතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, රුසියාව සමග ඒකාබද්ධ වෙනවාද, නැද්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් මෙම සතිය අවසානයේදී ක්‍රිමියා කලාපයේ ජනමත විචාරණයක් පැවැත්වීමට නියමිතය.

 



Recommended Articles