යුක්රේනයේ සිදුවන රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේන හමුදා වෙත ඇමෙරිකාවෙන් ආයුද ලබාදිය යුතු බව ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සෙනට් සභිකයන් කිහිප දෙනෙකුම බලවත් ඉල්ලීමක් කර ඇති බව පැවසෙයි.
ඇමෙරිකානු සෙනට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටු ප්‍රධානී රොබට් මෙනෙන්ඩ්ස් පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ ආක්‍රමණයට ඔහු වන්දි ගෙවිය යුතු බවයි.
මේ අතර, සෙනට් සභික ජෝන් මැකේයින් පවසා ඇත්තේ මෙය කිසිම ආකාරයකින් සහාය දැක්වීමක් නොවන බවත්, මෙය ආක්‍රමණයක් බවත් පවසයි.
මීට පෙර, රුසියානු ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ඇරයුමක් කර තිබුණි.