නැගෙනහිර යුක්රේනය තුළ එළැඹෙන නොවැම්බර් 2 වැනිදා රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් පැවැත්වීමට යන විවාදයට තුඩුදී ඇති මැතිවරණය පිළිගන්නා බව රුසියාව පවසා තිබේ.
රුසියානු විදේශ ලේකම් සර්ජි ලැව්රෝව් පවසා ඇත්තේ ඩොනෙට්ස්ක් හා ලුහාන්ක්ස් යන පළාත්වල පැවැත්වීමට යන මැතිවරණය පළාතේ උද්ගතව ඇති තත්ත්වය සමතයකට පත්කිරීමට හොඳම අවස්ථාවක් බවයි.
කෙසේ වෙතත් යුක්රේනය හා බටහිර රජයන් මෙම මැතිවරණය නොපැවැත්විය යුතු බව අවධාරණය කරන අතර, කැරලිකරුවන්ට ආයුධ සපයන බවට ඔවුන් රුසියාවට චෝදනා කරයි.
මේ අතර, යුක්රේනයට ආසන්නයෙන් හමුදා කඳවුරක් ඇති කිරීමට පෝලන්තයද මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ නැගෙනහිර යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි.
යුක්රේන හමුදාව රුසියානු හිතවාදී කැරලිකරුවන් සමග සටන තවමත් අවසනයක් දැක නැති අතර, පසුගිය සැප්තැම්බර් 05 වැනිදා ඇරඹි සටන් විරාමයද දුර්වල මට්ටමක පවතින බව කියයි.